පින්තාරු කල කඳුලු…

ඇසිල්ලේ දිගු නිදි බි‍ඳෙයි
මන්ද ස්වර කටහඬක් අවදි වී
හැඟුම් නැති නියායෙන්
හඬන කාරණ අසයි…???
කාරණාවක් නොදැනම
කඳුල බේරෙනු දකින
පින්සලක් කොපුල මත
වෛවර්ණ රූ අඳියි….
බොඳ කඳුලු මත ඇඳි
සීනයම සිතුවමක් වන
විස්මයෙන් ඇලැලුන
හුදී දන අත් සන් නගයි….
රළ නැගෙයි, බිඳිති විසිරෙයි
මහ රළක්  සිඟිති රළ ‍රැගෙන යයි
හැඬුම්, අත් සන්, විස්මය
හිරුත් සමගම කිඳී යයි… යලි නො එයි….

පසුවදන

මීට පසුවදනක් ලිවිය යුතු යැයි මට හිතුනා…ජීවිතය යනු අද හෙට සහ ඊයේ වූ සියලු දෑ වැලැලෙන රළ පෙලක් මෙන් යැයි හිතුනා. අප හඬනවා.. දුකට කාරණ අසාවි. අප හඬා වැටෙමින් කියන දුක මත තවෙකෙකු චිත්‍රයක් අඳිනවා… අප ගැන… තවෙකෙකු බැන වදිවි.. තවෙකෙකු අප වීරයන් කොට අත් නගාවි.. ඒත් මේ සියල්ල අද පමණයි. හෙට අප වීරයනුත් නෙමෙයි… හෙට අප වරදකරුවනුත්, නිවරදකරුවනුත් නෙමෙයි.. හෙට අලුත් දවසක්…  ජීවිතය නිදි බිඳුන හීනයක් වගේ..හීනය අතීතයයි..එය යලි නො එයි. ඊට දුන් විවිධ මුහුණු ,අද පමනයි. හෙට ඒ හීනයක් පමණයි.

Advertisements
  1. April 16, 2010 at 3:39 pm

    ජීවිතය හීනයක් වහීනය අතීතයක් වහීනය යළි නෑවිත්හීනයහීනයක් ම වුවොත්සහනයකි එයඉතින් හෙටඅලුත් හීනයක් දැකිය හැකි නොවෙද?නමුත් සැබෑ ලොවේදීඑම හීනයමහෙටින් පසු දවරින්වරවෙනත් හීනයක් ලෙසින්සිතට වදදිය හැකි නොවෙද?එබැවින්නැවුම් හීනයක් දකින විටඑය හීනයක් ම කර නොගැනීමටවගබලාගත යුතුයමන් ද යත්ඊයේ දුටු අද අමතක වූ එම හීනයමවෙනස් අයුරකින්හෙටද දැකීමට ඉඩ ඇති බැවිනි….

  2. April 16, 2010 at 4:11 pm

    ජිවිතෙ මල්… ජිවිතෙ මල්. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ලස්සන කවියක්.. කල්පනා කරන්න හිතෙන්නෙ නැහැ මට ආපහු ගොඩ එන්න බැරි වෙයි කියලා හිතෙන හන්දා..රොෂාන්.. නියමයි

  3. April 16, 2010 at 4:17 pm

    රොෂාන්….වෙනත් අයුරකින් හිතට වද නොදෙනු වස්හීනයේ අත් දු‍ටු අරුතඅතීතයේ කිඳී යා නොදීඉන් ලද පාඩමජීවිතයේ කොටසක් විය යුතු…ජීවිතය තුල සිදුවීම්චක්‍රයක් මෙන්යලි යලි එකම සිදුවේ…එනිසාම එකම අතපසුවීමයලි යලි නොවිය යුතු..රවා…ස්තූතියි ප්‍රතිචාරෙට…. ඔව් ඔව්… ජීවිතේ මල්… 'වත්' කීව වගේ එය මලක්… නැත්නම් ගඟක්…:-)

  4. April 17, 2010 at 2:50 am

    ලස්සන කවියක්…භාවාත්මකයි

  5. April 17, 2010 at 3:38 am

    ස්තූතියි හසිත…..

  6. April 17, 2010 at 6:03 pm

    මතකය නම් වූ මළපොත පෙරළා…මළගිය ඊයේ සිහිපත් කල මැන…පැතූ පැතුම් අත්මිට මොළවා ගත්…දෑතෙහි දසැඟිලි දිගහැරළනු මැන…එහි මොනවද ඇත්තේ… කිසිත් නැත…හිස් බවෙකිය ඇත්තේ…අඳුර බිඳින්නට ‍රැයක් දවාලූ…ලන්තෑරුම් නිවලා….

  7. April 18, 2010 at 2:07 am

    තිස්ස අයියා… නියමයි මේ ගී කොටස… මා සිතූ දෙයමයි… මේ වික්ටර් ගේ ගීයක් නේද? ස්තූතියි මේ පැත්තේ ඇවිත් ගියාට…අර්ථවත් දවසක් පතනවා!

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: