Archive

Archive for the ‘කිරිල්ලිගේ දුක’ Category

ඈ දැන් නිදහස්…

February 4, 2010 Leave a comment


ලස්සනම ලස්සනට ඉර මල පිපිල…! කිරිල්ලි අත්ත‍ටු දිග හරිමින් ඇඟමැලි කැඩුව.මොකක්දෝ අමුතු සතුටකින් හිත පිරිල වගෙ… කිරිල්ලි ඇගෙන්ම අහනව …”ඇයි මේ?” … කිරිල්ලි දන්නෙ නැහැ.. වට පිට බලන කිරිල්ලිට ඉස්සෙලම පෙනෙන්නෙ දොරත් ඇර දාල, තමන්වත් දරාගෙන නිසංසලේ පැද්දෙන රන් කූඩුව… අනේ ඇත්තට… දොරත් ඇර දාල වගේ වගක් නැතුව ඉන්න හැටි! ඇ ගිහින් දොර වැහුවෙ නැහැ. ඈ දොර ගාවට හෙමින් ගිහින් දිලිසෙන ඇස් වලින් දොරෙන් එපිට අවටට පලවෙනි බැල්ම හෙලුව බොහොම කාලෙකට පස්සේ…. 

ගස් වැල් අතු පතර ඇතිල්ලෙමින් නැලවෙන සද්දෙ… හුලං හමන අපූරුව… බටිති මලිත්තො ගී ගයමින් ලහි ලහියෙ ඉගිල්ලෙන අරුමය ඈ සන්තෝසයෙන් බලා උන්න මොහොතක්…  අහස බලන කිරිල්ලිට පුදුමයි… කලු වලාකුලු ඈතම ඈත දිග ගමනක් යනව කිරිල්ලිට පි‍ටු පාල… ඇගෙ හිත තවත් උද්දාමයෙන් පිරුන… 

කූඩුව දෙසට හැරුන කිරිල්ලි සුසුම් හෙලුවෙ නැහැ.. ඒ වෙනුවට කිරිල්ලි ශක්තිමත් හුස්මක් අරන් පියාපත් විහිදල හුස්ම පිටකලා… අමුතුම ජවයකින් හිත පිරිල… කෑම හොයන්න බඩගිනි නැතත් ඈට හිතුන දැන් ඉගිල්ලෙන්න ඕනැයි කියල…හිස් රන් කූඩුව ඇගෙ ශක්තිමත් හුස්මෙන් පුරවමින්, ඈ පුංචි නැ‍ටුමක් නටනව තමන්ට විතරක් දැනෙන්න…. ඔව්..දැන් වෙලාව හරි… ඉගිල්ලෙන්න… 

මෙතෙක් තමන්ට දුකට සැපට සෙවන දුන්නු රන් කූඩුව දිහා බලන් ඇගේ මතක ලියුව පොත, කිරිල්ලි  පරිස්සමින් දොර ගාව තැන්පත් කලා… ලස්සන රන් කූඩුව කුණා‍ටු වැහි වලින් ආතුර නොවෙන්න සීරුවට ඈ දොර පියන සවි කලා තිබුන විදිහටම… ස්තූතිවන්ත ඇස් වලින් ඈ රන් කුඩුවට සමුදුන්න … ඈ හැඬුවෙ නැහැ.. සිනහ උනා… ආදරෙන්..දයාවෙන්…. 

ඊලඟ මොහොතෙ… මෙන්න ඈ අහස් යානයක් වගේ…. ඇසිල්ලේ මැවෙන දිවෙන සුලං ‍රැල්ලක් වගේ ….  ආකහේ ඉස්සර වගෙම ගී ගයමින් පියාඹනව! සුලං කපොලු, වැහි කෝඩ වලින් පරිස්සම් වේවි ඈ ඉස්සර වගෙම… ඈ දැන් නිදහස්… 

මෙතෙක් කල් ඈ සිර කරන් උන්න ඇගෙ හිතෙන්… ඈ නිදහස්!
Advertisements

නිදා ගන්න දෙනවද ? නැද්ද?

January 30, 2010 Leave a comment

කිරිල්ලි බොහොම වෙහෙස මාන්සි වෙලා කෑම හොයාන ඉගිල්ලිල එන්නෙ කුඩු වෙන්න.. හිස් වෙච්චි රන් කූඩුව දිහා බලන්නත් දුකෙන් උනත් කිරිල්ලිට සිද්ද වෙනව කූඩු වෙන්නම… නැත්නම් දැන් අසරණ කිරිල්ලි කොහේ කියල යන්නද?


රූප පෙට්ටියට වහ නොවැටෙන කිරිල්ලි දහ අතේ කල්පනා කරනවා… වෙලා කට්ට බලනව… මොනවද කිරිල්ලි හොයන්නෙ? වෙන මුකුත් නෙමෙයි.. දවස ඉවර වෙන්නෙ කීයටද කියල….


ඕන්න දවස ගියා කියමුකෝ…. දැන් ඉතින් කිරිල්ලි ඉස්මනට ගොහින් ඇඳට  වැටෙන්නෙ හෙට දවසත් ඒ වගේ දිග උනත් අවදියෙන් ඉන්නවට වඩා නිදි වැදෙන එකෙන් ලැබෙන සහනය , කල්පනා නොකර ඉඳීමේ සැනසීම ලබන්න…


ට්‍රීං ට්‍රීං….


ශික් ! මේ රෑ කෝල් එකක්… (කිව්වට පාන්දරද කොහෙද…)


” මට තමුසෙව එපා…  මට කතා කරන්නත් එපා…”


කිරිල්ලි: “ඉතින් ඔයාට ඕන දෙයක් කරන්න… මම මොනව කරන්නද? මම පුලුවන් තරම් කල් ආදරෙ කලා.. ඔයට මාව ඔහොම එපා නම්… කරන්න දෙයක් නැහැනෙ”


කිරිල්ලි හුස්ම අල්ලමින් කියනව.. තතනනව…. ඇස් දෙකේ කොන් වලින් වක්කඩ කැඩුව වගේ පිටාර යන කඳුලු දකින්නෙ කිරිල්ලියි, කිරිල්ලිගෙ කම්මුලයි විතරයි… තනිකම.. වේදනාව .. ඇයි මේ දුක ආයෙ ආයෙ පුපුරු ගහන්නේ? අනේ…කිරිල්ලි හූල්ලනව….


ඩොග්…ඩොග්…. ( දොරට ගසන හඬ)


 “මේ නැගිටින්නෙ නැද්ද?, ඔයාට මොකද වෙලා තියෙන්නේ දොරට ඔච්චර ගැහුවත් ඇහැරෙන්නෙ නැත්තෙ? ආ…?” සහෝදර කිරිල්ලි නැගිටලා.. උදෙත් වෙලා.. දෙයියනේ… “මේ මුලු ‍රැයෙම  ඔහු මට කෑ ගැහුවෙ  මගෙ හීනෙ අස්සෙද?”


විඩාබර හිසින් කිරිල්ලි නැගිටින්නෙ මතකය අලුත් වෙච්චි දුකෙන්…  දවස පටන් ගන්නෙ දුකෙන් යැයි හිතෙද්දි කිරිල්ලිට හිතෙන්නෙ නැගිටින්නෙ නැතුව සදහටම නිදියන්න… එතකොට හීනෙත් නිදියාවි… ඒත් කවුරු එපා කිව්වත් , කිරිල්ලිට එපා නොවෙච්චි ආදර මතකෙ නම් ඊලඟ ආත්මෙත් පහන් කරාවි…


අනේ බුදු හිමියනි.. කිරිල්ලිට නිදන්න දෙන්න… එක ‍රැයක්.. නපුරු හීන නැතුව...