Archive

Archive for the ‘Uncategorized’ Category

මම නම් හොඳටම හඳේ

March 9, 2010 Leave a comment
හයියෝ… මම නම් හොඳටම හඳේ… පත්තරේ මම ලියපු දෙයක් තිබ්බ කියල මාසෙකට පස්සෙ අද මම දැන ගත්තා… අනේ සංසාරේ….. 🙂
මේ පෙබරවාරි 14 පත්තරේ…. 

Advertisements
Categories: Uncategorized

මට ආදරය කරන ඔබත් සමග බෙදා ගනු රිසි වීමි.. එපමණි

March 9, 2010 Leave a comment
මෙවර ඉරිදා ලක්බිම පුවත් පතෙහි  පලවූ ‘ආදරය’ තේමා කොට ගත් බ්ලොග් අඩවි අතර, මගේ ‘මලෙහි නිදන කින්නරිය’ එබිකම් කර උන් හැටි දු‍ටු මට පුංචි පහේ සංතුෂ්ටියක් දැනුනි.. එය මට ආදරය කරන ඔබත් සමග බෙදා ගනු රිසි වීමි.. එපමණි….
Categories: Uncategorized

පිලිණ කඩ කල පහන…

January 30, 2010 Leave a comment

සියක් එලි ‍රැස් දිදී
මග කියා අඳුර හැර
මට අරුත ජීවිතයෙ
එලි මගින් පසක් කල…

පහන් වැට අද්දරින්
නිනව් නැති වී මෑත
ඉතින් කාගෙද වරද
පුලුස්සා ගත් වුවන…?

නිවී ගත් තරු ඇසින්
රිදුම් යටපත් මුවින්
කඳුලු පැස උරෙහි ලා
අඳුරෙහිම මග බැසිමි…


පිලිණ කඩ කල පහන
නිවී ගිය තැවිල්ලෙන්
මුලාවෙන් මුවහ වූ
මනැස් කඩ තිර මුදමි….


මනැස් සම සිදුරු වී
මසැස් කඩ තිර ඉරී
හිඩැස්සෙන් අහස දැක
“සැබෑවට” අඬ ගසමි..

තාපයෙන් දුරස් වී
දැවුම් පහවූ පිලස්
වෛරයෙ යොත නොලා
මෙත් ‍රැහැන් මුදා ලමි…

සිහි නොකල පාපයෙන්

අත පොවන මානයෙන්
ගැවසුනත් සැබැවි එය
සිලකි සැදි ගිනි කඳින්….



ලියුවෙ 2004-01-18

Categories: Uncategorized